මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්
ඇඳිරි නීතිය පවතින කාලය ඇතුළුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම් උපසේන මහතා මේ බව නිවේදනය කළේය.
ඉහත කාලය ඇතුළුව ඇඳිරි නීතිය කාලය තුල පිටකොටුව මැනිං වෙළඳ මධ්‍යස්ථානයට එළවළු තොග ප්‍රවාහනය කිරීම සඳහාත්, එම එළවළු තොග පිට ස්ථානවල තොග වෙළඳසැල් කරා ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දී ඇත.
