මහපොළ ශිෂ්‍යත්ව අරමුදල් අවභාවිත වී ඇතිදැයි සොයයි
පසුගිය රජය සමයේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ මුදල් අවභාවිත වී ඇත්දැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.
අරමුදලේ මූල්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අමාත්‍යවරයා ඊයේ පසුවරුවේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පවත්වාගෙන යන කාර්යාලයට පැමිණ තිබේ. එහිදී අරමුදලේ මුදල් වෙනත් කටයුතුවලට යොදාගෙන ඇතිබව හෙළිවීමෙන් පසු විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍යවරයා තීරණය කරන ලදී.
පසුගිය මාස තුනක කාලයක් සරසවි සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදී නොමැත. ශිෂ්‍යාධාර ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතා ව්‍යාපාරයකද නිරත වූහ.
