මහින්ද / ඔටාරා සහ දිමුත්ට නාමල්ගෙන් අභියෝගයක්
රට මුහුණ දී සිටින වසංගත තත්වයන්ට මුහුණ දීමට ජාතියක් ලෙස වඩාත් තිරසාර හා ස්වයංපෝෂිත ආහාර සුරක්ෂිතා වැඩපිළිවෙලකට අවධානය යොමු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේය. එය පහතින් දැක්වේ.
අපට පාලනය කළ නොහැකි මෙවැනි වසංගත තත්වයන්ට මුහුණදීමට අප ජාතියක් ලෙස වඩාත් තිරසාර හා ස්වයංපෝෂිත ආහාර සුරක්ෂිතා වැඩපිළිවෙලකට අවධානය යොමු විය යුතුව ඇත. මම #homegardenchallenge සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඔටාරා ගුණවර්ධන හා දිමුත් කරුණාරත්න යන අය නම් කරමි. ඔබේ උද්‍යානය #SriLanka හි #foodsustainability වෙත සුදානම් කළ හැකි ආකාරය පෙන්වා දෙන්න.
