මහින්ද මෛත්‍රී හමුවක් අනිද්දා
මහ මැතිවරණයට තරග වදින නව සන්ධානය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අනිද්දා (18)පැවැත්වීමට නියමිතයි.
එම සාකච්ඡාවේදී දැනට පවතින අන්‍යෝන්‍ය දුරවබෝධයන් දුරු කර නව සන්ධානය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂාවෙන් සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
