මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කරයි
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් අර්බුදයට පත් ආර්ථිකයට සහාය වීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කරමින් ප්‍රතිපත්ති අනුපාත ඒකක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ඒ අනුව අද (17 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) සහ ස්ථාවර ණය දීමේ පහසුකම් අනුපාතය(SLFR) පිළිවෙළින් 6.25% සහ 7.25% දක්වා පහත දැමෙනු ඇත.
මීට අමතරව වාණිජ බැංකු සතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාත 4% දක්වා ඒකක එකකින් පහත දැමීමටද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
මීට පෙර ආර්ථිකයට සහාය වීම සඳහා 2020 වසරේ ජනවාරි 30 වැනිදා ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඒකක 50කින් අඩුකිරීමට මහ බැංකුව කටයුතු කළේය.
ක්‍රියාකාරී හා අක්‍රිය දෙඅංශයේම ණය ගැතියන් සඳහා ණය ආධාරක පැකේජ ක්‍රියාත්මක කිරීමටද, ක්‍රියාකාරී නොවන ණය සඳහා ඇපකර යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමටද කටයුතු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් වාණිජ බැංකු හා අනෙකුත් ලියාපදිංචි මූල්‍ය ආයතන මෙන්ම කල්බදු (ලීසිං) ආයතන වෙතින් ලබාදී ඇත.
ගෙවා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන ගනුදෙනුකරුවන් සඳහා ණය කාලසීමාව දීර්ඝ කර සහන පැකේජයක් හඳුන්වාදීමටද මහ බැංකුව පසුගිය සතියේ කටයුතු කළේය.
නයන තරංග ගමගේ
