News

මහ මැතිවරණය වෙසක් පෝයට පෙර – දිනය ජනපති අතේ

මහ මැතිවරණය ලබන අප්‍රේල් 25 වනදා සහ මැයි 04 වනදා අතර දිනයකදී පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

කොළඹ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එය තීරණය කිරිමේ ව්‍යවස්ථාමය බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවයි.

බොහෝ දුරට ජනාධිපතිවරයා විසින් ඉදිරි සතිය තුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි විස්වාස කරන බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා.