News

මැතිවරණ පැමිණිලි 3729යි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3729 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1089 ක් ලැබී තිබූ අතර, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2640 කි.

පැමිණිලි අතරින් 27 ක් ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ වන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 3596 ක්ද, වෙනත් පැමිණිලි 106ක්ද ලැබී ඇත.

පෙරේදා (12 වැනිදා) පස්වරු 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී මැතිවරණ කොමිෂන් සභාවට ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි කිසිවක් ලැබී නැති අතර,මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 102 ක් පමණක් වාර්තාවී ඇත.