News

මැයි වල ඩෙංගු වසංගතයක්

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බැවින් මැයි මාසය වන විට වසංගත තත්ත්වයක්ද උද්ගතවනු ඇති බව මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (02 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වසරේ ඩෙංගු රෝගීන් 15,700 ක් වාර්තාවන වන අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 17 කි.

ඊයේ (02 වැනිදා) ආරම්භ කළ වොල්බැකියා බැක්ටීරියාව මුදාහැරීම මගින් ඩෙංගු මැඬීමේ නියමු ව්‍යාපෘතිවල තත්ත්වය නිරීක්ෂණය කළ හැකිවන්නේ වසරකින් පමණ වන බව කී හෙතෙම ඩෙංගු සම්බන්ධව අදාළ බලධාරීන් ගෙන යන්නේ දියාරු පිළිවෙතක් බවද අවධාරණය කළේය.

 

ශිරන්තනි මානවඩු