මැයි 11 පාසල් ඇරීම තවම වැට උඩ
මැයි මස 11 වැනිදා පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ‘අරුණ’ට ඊයේ (19 වැනිදා) පැවැසීය.
පාසල් ආරම්භ කරන දිනයක් ප්‍රකාශයට පත් කර ඇතත් පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශ අවධානයෙන් සිටින බවද ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වුවද පාසල් ආරම්භ කිරීමට පෙර විෂබීජ හරණය කිරීම සඳහා පාසල් ප්‍රධානීන්ට මෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ඇතැයිද හෙතෙම කීවේය.
නිලන්ත මදුරාවල
