මීගමුවේ හෝටල් සේවකයා ඝාතනය සැක අයෙක් අත්අඩංගුවට
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
මීගමුව පොලිසිය සිදුකළ මුලික විමර්ශනයෙන් පසුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු පෙරියමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඊයේ රාත්‍රියේ මෙම ගැටුම ඇතිවුණේ පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයකට පැමිණි පිරිසක් එම හෝටලය තුලම මත්පැන් පානය කිරිමට උත්සහ දැරූ අවස්ථාවේදියි.
අදාල හෝටලය තුල මත්පැන් පානය කිරිමට එහි සේවයින් විරුද්ධ වීමත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබුණා. අදාල සිද්ධියේ සී සී ටී වී දර්ශන ද මේ වන විට මාධ්‍යට ලැබී තිඛේ.
