මුහුණේ හැඩයටත්, සිනහවටත් ඔබ අකමැති නම් දැන් ඒ ගැන පසුතැවෙන්න ඕන නෑ
හොලිවුඩයේ අමරණීය නළුවා වන ටොම් කෲස්ගේ සිනහවට වසඟ වෙන බොහෝදෙනෙක් ඒ මනස්කාන්ත සිනහව පිටුපස ඔහු ලබාගත් නූතන දන්ත ප්‍රතිකාර රැසක් ඇති බව නොදන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්කාලීන ඡායාරූප දෙස බැලුවහොත්, ඔහුගේ දත් පෙළේ සහ සිනහවෙහි ඇති වෙනස ඔබට මනාව පැහැදිලි වේවි. අද ඔහු ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය දිනාගත් පෞරුෂයකට හිමිකම් කියන්නේ, එම නවීන ප්‍රතිකාර හරහා තම සිනහව පරිවර්තනය කරගැනීමත් සමඟයි. ඒ විතරක් නෙවෙයි, අද වන විට හොලිවුඩය, බොලිවුඩය සහ කොලිවුඩය ආදී බොහෝ සිනමා ක්ෂේත්රවල ලෝක ප්‍රසිද්ධ තාරකාවන් තම පෞරුෂය ඔප්නංවා ගැනීමට දත් සහ මුහුණේ සුන්දරත්වය වැඩිදියුණු කරන Facial & Dental Aesthetics වෙත යොමු වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.
ඉතින්, ඒ නිසා තමන්ගේ පෞරුෂය ගැන උනන්දුවක් දක්වන අපේ රටේ ඕනෑම කෙනෙකුට මේ ආරංචිය සුබ ආරංචියක් වේවි. ඒ තමයි පසුගිය ඔක්තෝබර් 31 වැනිදා කොළඹ වන් ගෝල්ෆේස් සිව් වැනි මහලේ අභිනවයෙන් විවෘත වුණු දන්තජ (Danthaja Align Center) සහ වත්රජ (Vathraja Facial Chambers) ගැන ආරංචිය. ඔබ ඔබේ සිනහව හෝ මුහුණේ හැඩය ගැන අසතුටින් නම් ඒ නොසතුට සතුටක් බවට හරවගන්න හොඳම විසඳුම් සපයන තැනක් තමයි මේ ස්ථානය. ඉතින් මේ ආයතන ද්විත්වයේ ප්‍රධානී සහ එහි ආරම්භක අධ්යක්ෂ වෛද්‍ය ලක්මාල් කුලසේකර සමඟ ඒ ගැන සිදු කළ සංවාදයක් ඇසුරෙනුයි මෙතැන් සිට මේ සටහන ලියැවෙන්නේ…
Danthaja කියන සන්නාමය ගැන මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා. වත්රජ ෆේෂල් චේම්බර්ස් (Vathraja Facial Chambers) කියන්නේ අලුත් තැනක්. අලුත් නමක්. ඇත්තටම තමන්ගේ පෙනුම ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට වත්රජ හරහා මොන වගේ ප්රතිකාරද ලබාගන්න පුළුවන් වෙන්නේ?
මෙහිදී අපි ප්‍රධාන වශයෙන් සමේ සෞඛ්‍යය සම්බන්ධ ගැටලු, මුහුණේ පෙනුම සහ හැඩය වැඩිදියුණු කිරීම වගේම ශල්‍යකර්ම යන අංශ තුන යටතේ කටයුතු කරනවා.
උදාහරණයක් විදියට, කෙනෙකුට තමන්ගේ මුහුණේ කොටු හැඩය හෝ දිගැටි හැඩය වෙනස් කරගැනීමට අවශ්‍ය නම්, මුලින්ම ඒ හැඩය ඇතිවීමට හේතුව හඳුනාගැනීම වැදගත්. එය හකු අස්ථියේ පිහිටීමද, මුහුණේ මේදය බෙදී ඇති ආකාරය හා මාංශපේශීවල ද කියන එක මත සුදුසු ප්‍රතිකාරය තීරණය කරනවා. ඇතැම් අවස්ථාවල ශල්‍යකර්ම රහිත ප්‍රතිකාර මගිනුත් මුහුණේ හැඩය වඩාත් සමබරව වෙනස් කරගන්න පුළුවන්. ඒ සඳහා බොටොක්ස් (Botox) සහ සමට පිරවුම් ද්‍රව්‍ය එන්නත් කිරීම (Dermal Fillers) වැනි ප්‍රතිකාර අපි සිදු කරනවා. එහිදී අවශ්‍යතාව අනුව නාසයේ හැඩය වෙනස් කරන ශල්‍යකර්මත් (Rhinoplasty) සිදු කරගන්න පුළුවන්.
වත්රජ කියන්නේ රූපලාවණ්‍යාගාරයක් (Beauty Salon) නොවෙයි. වෛද්‍ය විද්‍යාත්මක දැනුම සහ විශේෂඥතාව භාවිත කරමින් පුද්ගලයෙකුගේ සමේ සෞඛ්‍යය සහ පෙනුම වැඩිදියුණු කිරීමයි අපේ අරමුණ.
මෙහිදී ශල්‍යකර්මවලට අමතරව මුහුණේ පෙනුම වෙනස් කරගැනීමට පුද්ගලයෙකුට සිදු කළ හැකි ශල්‍යකර්ම රහිත ප්‍රතිකාර ක්‍රම මොනවාද?
ප්‍රධාන වශයෙන් බොටොක්ස් (Botox), සමට පිරවුම් ද්‍රව්‍ය එන්නත් කිරීම (Dermal Fillers) සහ නූල් ආධාරයෙන් මුහුණේ සම එසවීම (Thread Lifts) හඳුන්වන්න පුළුවන්. මේ එක් එක් ප්‍රතිකාර ක්‍රමයෙන් සිදුකරන කාර්යය වෙනස්. බොටොක්ස් මඟින් මුහුණේ ඇතැම් මාංශපේශීවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩු කරලා නළලේ රැළි, ඇස් වටා රැළි සහ හකු ප්‍රදේශයේ ඇතැම් මාංශපේශීවල ප්‍රමාණය අඩු කිරීම වැනි අවශ්‍යතා සඳහා ප්‍රතිකාර කරන්න පුළුවන්. සමට පිරවුම් ද්‍රව්‍ය එන්නත් කිරීම මඟින් මුහුණේ පරිමාව අඩු වී ඇති ස්ථාන පිරවීම, තොල්වල හැඩය සහ පෙනුම වැඩිදියුණු කිරීම වැනි දේවල් සිදුකරනවා. ඒ වගේම නූල් ආධාරයෙන් මුහුණේ සම එසවීමේ ප්‍රතිකාරය මඟින් එල්ලා වැටෙන සම තාවකාලිකව ඉහළට එසවීම සිදුකරනවා. මේ ප්‍රතිකාරවල විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් විශාල ශල්‍යකර්මයකට යොමු නොවී සිදුකරගත හැකි වීම. නමුත් කෙනෙකුට අවශ්‍ය ප්‍රතිඵලය, මුහුණේ ස්වභාවය සහ සෞඛ්‍ය තත්ත්වය අනුව සුදුසු ප්‍රතිකාරය විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් තීරණය කළ යුතුයි.
Danthaja Aligner Center – 0704427427
Vathraja Facial Chambers – 0703327327
නෙත්මි තෂාරා
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
