News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු අද(18) රාත්‍රියේ හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම රෝගීන් 6 දෙනා ද වාර්තා වී ඇත්තේ වැලිසර නිරෝධයන මධ්‍යස්ථානයෙන් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.