මෙරට පළමු චන්ද්‍රිකාව රාවනා – 1 උඩු ගුවනට
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා වන් චන්ද්‍රිකාව අද අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශ ගත කර තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අළුයම 2.18 පමණ අභ්‍යවකාශ ගත කෙරුණු මෙම චන්ද්‍රිකාව හෙට (19) පස්වරු 6.30 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිතයි.
නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපොළෙන් එය අභ්‍යවකාශ ගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවනා වන් චන්ද්‍රිකාව නිෂ්පාදනය කර තිබේ.
ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි.