මෙරට රෝගින් ගණන 174 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු තහවුරු වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 174 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කලේ අද දිනය තුල මේ වන විට නව කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හදුනාගත් බවයි.
අවසන් වරට හදුනාගත් කොරෝනා ආසාදිත රෝගීන් 08 දෙනාගෙන් තුන් දෙනෙකු හෝමාගම මුලික රෝහලෙන් වාර්තා වී ඇත.
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙකු සහ මාතර ප්‍රදේශයෙන් තවත් අයෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් කොරෝනා රෝගියෙකු ලගින් ඇසුරු කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
කොළඹින් දෙදෙනෙකු සහ මීගමුව ප්‍රදේශයෙන් තවත් කොරෝනා රෝගියෙකු ද මෙලෙස වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
