News

මෙරට ස්ත්‍රී දූෂණ ඉහළට

අන්තර්ජාතික කාන්තා දිනය 2020 වර්ෂයේ දී සමරද්දී ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන​යන් ඉහළ මට්ටමක පවතින බව අන්තර්ජාතික ක්ෂමා සංවිධානය (ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්) ප්‍රකාශ කරයි.

එම සංවිධානය පෙන්වා දෙන ආකාරයට 2020 වර්ෂය ආරම්භ වී පළමු දින පහළොවේ දී පමණක් ස්ත්‍රී දූෂණ 142ක්, ​ බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන 54ක් වාර්තා වී ඇත.

ක්ෂමා සංවිධානය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වර්ෂය ආරම්භවීමෙන් අනතුරුව වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ 78ක් බරපතළ ලිංගික හිංසන 21 හා ළමා අපයෝජන සිදුවීම් 34ක් සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ කටයුතු අවසන් කර තිබේ.

ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකා රජය විසින් 2019 වර්ෂයේ දී පසුගිය වසරවලට අදාළව ඉදිරිපත් කර ඇති වාර්තා වන්ට අනුව 2015 වසරේදී අවුරුදු 16ට වැඩි කාන්තාවන් සහ ගැහැනු ළමුන් දූෂණය කිරීමේ සිදුවීම් 379ක් වාර්තා වී තිබේ.

ඒ අතුරින් සිදුවීම් 365ක් පිළිබඳවම විමර්ශන කටයුතු 2015 වර්ෂය අවසන් වන විට නොවිසඳී ඇත.

2016වසරේ දී ස්ත්‍රී දූෂණ සිදුවීම් 350ක් වාර්තා වී ඇති අතර ඉන් 337 ක් වසරාවසානය වන විට විමර්ශනය වී අවසන්ව නොතිබී ඇත.

2017 වසරේ දී ස්ත්‍රී දූෂණ නඩු 29ක් වාර්තා වී ඇත. වසර අවසානයෙත් ඉන් නොවිසඳී ඇති සංඛ්‍යාව 281කි.

 

නයන තරංග ගමගේ