මේ වසරේදී රට ගිය අය එවන මුදල් 19%කින් අඩු වෙනවා
විදෙස්ගතව සිටින ශ්‍රමිකයන් මෙරටට එවන විදෙස් මුදල් ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේදී සියයට දහනවයකින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.
වාර්ෂිකව ශ්‍රී ලංකාවට විදෙස් ශ්‍රමිකයන් එවන අමෙරිකානු ඩොලර් බිලියන හතක් ඉක්ම වූ මුදල් ප්‍රමාණය මේ අනුව සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි එම බැංකුව පවසති.
ලෝක බැංකුව විසින් පෙරේදා (බදාදා) නිකුත් කළ නවතම පුරෝකථන ඇතුළත් වාර්තාවේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආර්ථිකයන් ඇඳවැටීම නිසා ගෝලීය වශයෙන් රටවල් අතර හුවමාරු වන ප්‍රේෂණ සියයට විස්සකින් පහත වැටෙනු ඇති බවද සඳහන්ය.
නයන තරංග ගමගේ
