News

යූරියා මෙ.ටොන් 15,000ක් බෙදා හැරීම අරඹයි

රට පුරා ඇඳිරි නීතිය පනවා ඇතත් යල කන්නයට වී ගොවීන්ට අවශ්‍ය වූ යූරියා මෙට්‍රික් ටොන් 15,000 ක් අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා බෙදා හැරීමට පටන්ගෙන ඇත.

මෙම පොහොර තොගය ආනයනය කර ඇත්තේ සෞදි අරාබියෙනි..

ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු පරිදි ගොවීන්ට ඉදිරි යල කන්නයට නොමිලේ බෙදාහැරීමට රුපියල් කෝටි 105කට අධික වටිනාකමකින් යුත් යූරියා නැවක් ඇනවුම් කර තිබූ අතර එය ඉකුත් 16 දා කොළඹ වරායට සේන්දු විය.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා