News

යෝජනා පහක් රැගෙන දිනේෂ් ජිනීවා යයි – මානව හිමිකම් කඩවීම් සොයන්න කොමිසමක්

ජිනීවා නුවරදී හෙට (24 වැනිදා) ආරම්භ වන හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව 2015 ඔක්තෝබර් මාසයේදී 30/1 හා 2017 මාර්තු මස අංක 34/1 දරන යෝජනා හා ශ්‍රී ලංකාවේ සංහිඳියාවවගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය’ යනුවෙන් 2019 මාර්තු මස අංක 40/1 දරන සම්මත වූ යෝජනාවල සම අනුග්‍රහයෙන් ඉවත්වීම ප්‍රකාශ කිරීමටද නියමිතය.

ඒ වෙනුවට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා විමර්ශනය කළ විමර්ශන වාර්තාසමාලෝචනය කිරීම සඳහාත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කර රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කරන බව දැනුම් දීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාමය ඔස්සේවිසඳී නොමැති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍ය තැන්හි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවටද සඳහන් කිරීමට සැලසුම් කර ඇත.

මේ අනුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දූත පිරිස ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධනගෙන් කළ විමසීමේදී ඇමැතිවරයා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ එම යෝජනා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර ඇති නිසා සියල්ලන්ටම විවෘතව අදාළ යෝජනාමානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බවය.

චමින්ද සේනාරත්න