රජයේ රෝහල් 15ක් කොරෝනා පරීක්ෂණයට
මෙරට කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා රජයේ රෝහල් 15ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇත.
එම රෝහල් මෙසේ වේ…
-අයි.ඩි.එච්.රෝහල
-කොළඹ ජාතික රෝහල
-මහනුවර රෝහල
-රිජ්වේ ආර්යා ළමා රෝහල
-ද සොයිසා මාතෘ රෝහල
-රාගම ශික්ෂණ රෝහල
-කරාපිටිය ශික්ෂණ රෝහල
-යාපනය ශික්ෂණ රෝහල
-මඩකලපුව ශික්ෂණ රෝහල
-රත්නපුර ශික්ෂණ රෝහල
-අනුරාධපුරය ශික්ෂණ රෝහල
-කුරුණෑගල මහ රෝහල
-බදුල්ල මහ රෝහල
-ගම්පහ මහ රෝහල
-මීගමුව මහ රෝහල
මෙම රෝහල් නිර්දේශ කර ඇත්තේ වෛරසය පිළිබද ප්‍රතිකාර හා නිරෝධායන කටයුතු වෙනුවෙන්ය.
