රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය තරම් මුදල් පවතිනවා – මහා භාණ්ඩාගාරය
වත්මන් තත්ත්වය හමුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය තරම් මුදල් පවතින බව මහා භාණ්ඩාගාරය පවසයි.
මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සදහන් කළේ ආරක්ෂක කටයුතු ආරක්ෂක කටයුතු, සෞඛ්‍ය සේවා ඇතුළු සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ඕනෑම මොහොතක කටයුතු කරන බවයි.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට ඔවුන්ගේ නිවෙස් වෙත බෙදා හැරීම සඳහා ගත හැකි සියලු පියවර ගෙන ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය.
