රජයේ සභාපතිවරු තෝරන්න අයැදුම්පත් කැඳවයි
රාජ්ය ආයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් පත්වීම සඳහා කැමති වෘත්තීයවේදීන්ගෙන් ජනාධිපති කාර්යාලය අයැදුම්පත් කැඳවනු ලැබ ඇත.
රාජ්ය ආයතන වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තත්ත්වයට පත් කිරීමේ ආණ්ඩුවේ ප්රතිපත්තිය මත මෙලෙස අයැදුම්පත් කැඳවා තිබෙන අතර අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය දෙසැම්බර් මස 18 වැනිදා වේ. අයැදුම්කරුවන්ගේ විෂය දැනුම, පළපුරුද්ද හා ප්රවීණතාව පාදක කර ගනිමින් සුදුස්සන් තෝරා ගැනෙන්නේ ජනාධිපති කාර්යාලය විසින් පත්කරනු ලැබ ඇති විශේෂ සිව් පුද්ගල කමිටුව මගිනි.
සියලුම වෘත්තීයවේදීන්ට ජාතික සංවර්ධන කාර්ය සඳහා සහභාගි වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය ආරාධනා කරයි.
අයැදුම්පත් ජනාධිපති අතිරේක ලේකම්,ලේකම් කාර්යාංශය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 ලිපිනයට හෝ sb@presidentoffice.lk යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකි වෙයි.
නිලන්ත මදුරාවල
