News

රටවල් 93 කට කොරෝනා – ඉතාලියට දැඩි බලපෑමක්

නව කොරෝනා වෛරසයෙන් ඉතාලිය මේ වන විට දැඩි බලපෑමට ලක්ව තිඛේ.

මේ වන විට ඉතාලිය තුල කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 197 ක් දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 06 වනදා තුල පමණක් කොරෝනා වෛරසය ආසාදනයෙන් පුද්ගල මරණ 49 ක් වාර්තා වී ඇති බවයි.

එය වෛරසය ව්‍යාප්තිය ආරම්භ වු දිනයේ සිට මේ දක්වා එක් දිනකදී සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ. ඉතාලිය තුල නව කොරෝනා වෛරසය ආසාදිතයින් 4600 ක් පමණ වාර්තා වී ඇත.

මේ වන විට ඉතාලියේ සියලු පාසල් වසා දමා ඇති අතර වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ලම්බාඩි කලාපය ඇතුලුව තවත් පළාත් 11 ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිඛේ. චීනයෙන් පසු කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමක් මේ වන විට එල්ල වී ඇත්තේ ඉතාලියටයි.

මේ වන විට ලෝකයේ රටවල් 93 කින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සොයාගෙන ඇති අතර එක් ලක්ෂ හයදහසකට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකය පුරා පුද්ගල මරණ 3598 ක් වාර්තා වී තිඛේ.