News

රට හරි අතට හැරවීමේ ප්‍රථම පියවර ජය ගැනීමට ජනතාවට හැකි වුනා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

එහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් උන්වහන්සේ සදහන් කළේ රට හරි අතර හැරවීමේ ප්‍රථම පියවර ජය ගැනීමට ජනතාවට හැකි වූ බවයි.

අභියෝගවලට බිය නොමැති ජනාධිපතිවරයාට රට හමුවේ ඇති ගැටලුවලට විසදුම් ලබාදීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ සදහා ඉවසීමෙන් යුතුව කාලය සහ සහයෝගය ජනාධිපතිවරයා වෙත ලබාදිය යුතු බවද සදහන් කළහ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානය වෙත ද ගොස් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ බැහැ දැකීය.

උන්වහන්සේ ද විශේෂ අනුශාසනාවක් සිදු කරමින් කියා සිටියේ රටේ වෙනසක් සදහා තැබූ පියවර ශක්තිමත් කිරීමට මහා සංඝරත්නයේ පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය හිමිවන බවයි.

උගතුන් සහ වියතුන් පාර්ලිමේන්තුවට යැවීමට ක්‍රියාකරන්නේ නම් මහා සංඝරත්නය ඒ වෙනුවෙන් පෙනී සිටින බවද උන්වහන්සේ සදහන් කළහ.