News

රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක්

නව කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝක ආර්ථිකයේ ප්‍රධාන අංශ වෙත ද එහි බලපෑම වැඩි වශයෙන් එල්ල වී තිඛේ.

සංචාරක කර්මාන්තය / ආයෝජන ඇතුලු අංශ මේ තුල ප්‍රධාන වේ.

කෙසේවෙතත් පසුගිය කාලය තුල රත්තරං මිල ද සැලකිය ලෙස ඉහළ ගොස් තිබුණි. මේ වන විට රත්තරන් මිල වාර්තාගත ඉහළ ගොස් ඇති බව දක්නට ලැඛේ.

මීට සති කිහිපයකට පෙර ලෝක වෙළදපොලේ රන් මිල සටහන් වුණේ රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1645 යි ශත 79 ක් ලෙසයි.

කෙසේවෙතත් අද වන විට රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙස සටහන් වේ. රත්‍රං මිල මෙවැනි ඉහළ අගයක් ගෙන ඇත්තේ වසර 07 කට පසුව පමණ බවයි වාර්තා වන්නේ.