රාජ්‍ය ආයතනවලට පත්කරන ප්‍රධානීන් ගැන ජනපති ඍජු අධීක්ෂණයක
රාජ්‍ය ආයතන සඳහා පත් කරනු ලබන ප්‍රධානීන් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඍජු අධීක්ෂණයක් සිදු කරන බව වාර්තා වේ.
රාජ්‍ය ආයතන තුන්සියයක් සඳහා සුදුස්සන් තෝරා ගැනීමට සය පුද්ගල කමිටුවක් පත් කළ අතර ඉන් සුදුස්සන් තිදෙනකුගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට නිර්දේශ කර යොමු කෙරේ.
සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට පත් කරනු ලබන සභාපතිවරුන්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් පෞද්ගලිකවම ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණයට ලක්කර එසේ ඔහු හෝ ඇය පත්කිරීම සඳහා ඇති සුදුසුකම, පෙර ක්‍රියාකලාපයන් හා ඉදිරියේදී සපුරාගත යුතු ඉලක්කයන් සම්බන්ධයෙන් එම පත්වීම ඉදිරියෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම සටහන්කරන බවට තොරතුරු වාර්තා වේ.
චමින්ද සේනාරත්න
