රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අද (31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.
සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණි.
