News

රාත්‍රි කාලයේ කොළඹ ආරක්ෂාවට බුද්ධි අංශ සහය

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල රාත්‍රියේ සැරිසරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට බුද්ධි අංශවල සහය ලබා ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල බොහෝ පිරිස් රාත්‍රි කාලය තුල එක් රැස්ව කාලය ගත කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු මෝටර් රථයකට ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් වෙඩි තැබීමක් ද සිදුව තිබුණා.