News

රාත්‍රී සමාජ ශාලා සූදු මධ්‍යස්ථානත් වැසෙන ලකුණු

ඉදිරියේදී රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන නැවැත්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

මෙම ස්ථාන පිළිබදව තාක්ෂණික කමිටුවේදී සාකච්ඡාවට ලක්කළ බවද ඔහු සඳහන් කළේය.

රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු දැමීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක බැවින්,කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා මෙම ස්ථාන ඉදිරියේදී නැවැත්වීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කීවේය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව පැවසුවේය.

 

සාලිය කුමාර ගුණසේකර