රුපියලේ අගය තවත් අඩුවෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 190.62 දක්වා අව ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඊයේ (24 වැනිදා) දින මෙම අගය වාර්තා වූ අතර පෙරේදා (23 වැනිදා) ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 189.88 දක්වා අවප්‍රමාණය වී තිබිණි.
කොවිඩ් – 19 වෛරසය මෙරට ව්‍යාප්ත වීමත් සමග රුපියලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවතුණි.
උදයජීව ඒකනායක
