News

රෝගීන් 4කට එකවර කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක්

එකවර රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් නිර්මාණය කර ඇත.

අද දින (02) එම යන්ත්‍රය සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

රුපියල් ලක්ෂ 40 ක් පමණ වන මෙම කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර ශ්‍රී ලංකාව තුල 500 ක පමණ ප්‍රමාණයක් තිබුනත් කොරෝනා රෝගීන් සදහා ඒවායින් ප්‍රයෝජනයට ගත හැකි වන්නේ යන්ත්‍ර 300 ක් වැනි ප්‍රමාණයකි.

බිහාන් හපුතන්ත්‍රී මහතා පෙන්වා දෙන පරිදි කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය අක්‍රීය වීම හේතුවෙන් කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර යොදා ගෙන ප්‍රතිකාර සේවාවන් සිදු කළ යුතුව ඇත.

ඒ අනුව ඔහුගේ නව නිර්මාණය අනුව එක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන්ට විෂබීජ පැතිර නොයන පරිදි රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය එකවර ලබාදිය හැකි