රෝයල් -තෝමියන් බිග් මැච් එක නතර කරන්න කිීවත් ඇහුවේ නෑ
පසුගිය සති අන්තයේ පැවැති කොළඹ රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය අත්හිටුවන ලෙස තමා උපදෙස් ලබාදුන්නද ඊට කන් නොදී සංවිධායකයන් විසින් තරගය පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.
කොවිඩ්-19 වෛරසය පැතිරීම පිළිබඳව සලකා බලා ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් ගැවසෙන මෙම මහා ක්‍රිකට් තරගය අත්හිටුවන ලෙස තමා ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
මීට අමතරව ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට තාවකාලික වාරණයක් පනවා පූජනීය ස්ථානය වසා දැමීමට හැකියාවක් පවතිදැයි ශ්‍රීපාදස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේගෙන් විමසීමක් කළ නමුත් මේ වන තුරුත් ශ්‍රීපාද වන්දනාවේ යෑම් නැවැත්වීමට හැකියාවක් ලැබී නැතැයිද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇත. අදාළ පුද්ගලයාගෙන් තරගය නැරඹීමට පැමිණි තවත් විශාල පිරිසකට වෛරසය ව්‍යාප්ත වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක පළකරයි.
නයන තරංග ගමගේ
