News

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කරන්න අනුමැතිය

ප්‍රවීණ කලාකරුවෙකු වන රෝහණ බැද්දගේ මහතා මාලදිවයින් තානාපති ලෙස පත් කිරීමට පර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද(28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබුණි.

එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ.සුමන්තිරන් එක්ව සිටියහ.