News

ලේ හිඟයට ආරක්ෂක අංශ පිහිටට එයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ ආරක්ෂක අංශ සාමාජිකයන් රුධිරය පරිත්‍යාග කිරීම නිසා ජාතික රුධිර අවශ්‍යතාවට මේ වනවිට ගැටලුවක් නොවන බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

අවශ්‍ය තරම් රුධිර සංචිත පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද තිබෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා රුධිර පරිත්‍යාගශීලින්ට රුධිරය ලබාදීම සඳහා පැමිණීමේ හැකියාවක් නොමැත. එම නිසා පසුගිය දින කිහිපයේ ආරක්ෂක අංශ සාමාජිකයන් රුධිරය පරිත්‍යාග කර ඇත.

දිවයින පුරා රෝහල්වල රුධිර අවශ්‍යතාවද සියයට පනහකින් පමණ අවම වී ඇත. ඊට හේතු වී ඇත්තේ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම, ශල්‍යකර්ම සිදු කිරීම අවම කිරීමයි. තවද ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් රිය අනතුරුද අවම වීම නිසා රුධිර අවශ්‍යතාව අවම වී ඇති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

 

උදයජීව ඒකනායක