News

වතු කම්කරුවෝ ඊයේ සිට දහසක වැටුපක් ලබති

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම ඊයේ (01) වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසක අවම වැටුපක් ලබා දීම මෙලෙස ඊයේ (01වැනිදා) සිට ක්‍රියාත්මක විය.

ඊට අදාළව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය පසුගිය මස 14 වැනිදා හිමි වූ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබේ.

දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම පොහොර සහනාධාර ඇතුළු සහන රැසක් ලබා දීම මගින් වතු සමාගම්වලට සහන හිමිවන බැවින් එහි ප්‍රතිලාභ වතුකම්කරුවන්ට ද හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 

අශිකා ජයවීර