News

වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුරේ දී නිරෝධායනය වූ 45දෙනෙකු නිවෙස් බලා පිටව යයි

විදෙස්ගතව සිට වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුරු වෙත නිරෝධායනය වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු නිරෝධායනයෙන් අනතුරුව අද(02) නිවෙස්වෙත පිටත්කළ බව යුධ හමුදාව පවසයි.

යුධ හමුදාව පැවසුවේ යුරෝපයේ හා මැදපෙරදිග රටවල සිට පැමිණි කණ්ඩායමක් එලෙස නිරෝධායන කටයුතු අවසන්වීමෙන් අනතුරුව ඔවුනගේ නිවෙස්වෙතට පිටත් කළ බවයි.

වවුනියාව පම්පමඩු හා පෙරියකාඩු ස්ථාපිත යුධ හමුදා කදවුරු දෙකක නිරෝධායන මධ්‍යස්ථාන ‍දෙකක් වෙනුවෙන් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට තිබිණ.

සෞඛ්‍ය අංශයන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්වු පිරිස සෞඛ්‍ය උපදෙස් මත දින 14 ක නිරෝධායනයෙන් අනතුරුව එලෙස නිවෙස් වෙත පිටත් කළ බවද යුධ හමුදාව පවසයි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ නිරෝධායන කඳවුර ස්ථාපිත කොට තිබුණා.

ගාල්ල,කොළඹ,හලාවත.කෑගල්ල, කුරුණෑගල ආදි ප්‍රදේශවල පිරිසක් නිරෝධායනයෙන් අනතුරුව එලෙස නිවෙස්කරා පිටත්ව ගියහ.

වවුනියාව – මාධව කුලසූරිය