වසර 5ට අලි මරණ 1454ක්
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉකුත් වසර පහක කාලය තුළදී වන අලි 1454ක් මියගොස් ඇතැයි පරිසර හා වනජීවී ඉඩම් හා ඉඩම් සංවර්ධ අමත්‍යාංශය සඳහන් කරයි.
2015 සහ 2019 කාලය තුළදී මෙම වන අලි සංඛ්‍යාව මියගොස් ඇති බවට ගණනය කර ඇත.
මෙම කාලය තුළදී වැඩිම අලි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ඉකුත් වසරේදී (2019) බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දේ.
ඉකුත් වසරේදී (2019) මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 395 ක් මියගොස් ඇති අතර, අලින්ගේ පහරදීම්වලට ලක්ව මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 118කි.
සාලිය කුමාර ගුණසේකර
