වාලම්පුරි 19ක් සමඟ අයෙක් මාට්ටු
මඩකලපුව, කල්අඩි පාලම අසළදි වාලම්පුරි 19 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළ අතර 29 හැවිරිදි එම සැකකරු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
