වැඩි මිලට ටින් මාළු – පරිප්පු අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී
පරිප්පු හා ටින් මාළු පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් වලදී ඊයේ(05) සහ අද(06)දින පාරිභෝගික අධිකාරිය මගින් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.
රුපියල් 65 අලෙවි කරන පරිප්පු කිලෝව රුපියල් 140 ට සහ රුපියල් 165 ට අලෙවි කර ඇත.
රුපියල් 100 ක් වන ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 205 සිට 256 දක්වා මෙම වෙළඳුන් විසින් වැඩි මිලට අලෙවි කර ඇත.
පිටකොටුව , නාරාහේන්පිට , බම්බලපිටිය , කොල්ලුපිටිය , මොරටුව , රත්මලාන සහ මහරගම යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වලදී මෙම වෙළඳුන් අල්ලා ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ ඒ ජසුල් මහතා පැවසීය.
