විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවසර
කොවිඩ් -19 වෛරසය පැතිර යාම පාලනය කිරීමෙන් පසු ලැබෙන විදුලිය බිල්පත කොටස් වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට අවස්ථාව උදාකර දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඇතැම් බිල්පත්වලට විශාල මුදලක් එකතු වී ඇති බවත්, එම බිල්පත් කොටස් වශයෙන් ගෙවා අවසන් කරනතුරු අඛණ්ඩව විදුලිය ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
උදයජීව ඒකනායක
