News

විදුලි බලාගාරයක් හදන්න ඇමැති අමරවීර ඉරණවිල ඉඩමක් ඉල්ලයි

ඉරණවිල ඇමෙරිකානු හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි ඉඩම විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දෙන ලෙස මගී ප්‍රවාහන හා කළමනාකරණ විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර රජයෙන් ඉල්ලා ඇත.

ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අමාත්‍යවරයා විසින් ලබන බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉරණවිල පිහිටා තිබූ ඇමෙරිකානු හඬ ගුවන්විදුලි මධ්‍යස්ථානය දැනට වසා දමා ඇත.

එම ඉඩම සහ යන්ත්‍රෝපකරණ රජය භාරයට ගෙන ඇත.

ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි භූමිය අක්කර 400කි.

එම භූමියේ ස්වභාවික වායු බලාගාරයක් සහ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට සුදුසු බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

බදු ගිවිසුමක් මත මෙම ඉඩම ලංකා විදුලි බල මණ්ඩලයට ලබා ගැනීමට නියමිතය.

 

උදයජීව ඒකනායක