News

විවෘත කර ඇති සුපිරි වෙළඳසැල් වසා දැමීමට පියවර

වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල් වසා දැමීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා පමණක් සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබියදී පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.