News

විශ්‍රාමික යුධ හමුදා මේජර් අජිත් ප්‍රසන්න ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ්

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ නියමයෙන්ය.

බන්ධනාගාරය මඟින් මෙම තැනැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇති අතර මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥවරයෙකු බව කියා ගන්නා අජිත් ප්‍රසන්න නමැත්තා ඉකුත් 12 වන දා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැඩි ලෙස විවේචන කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කර සිටියේය.