News

වෙලේසුදාගේ කුඩු තිප්පොලකින් කෝටි 10 ක කුඩු අහුවෙයි

කැළණිය වන වාසල නිවසක් තුල වු මහා පරිමාන කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ ඛෙදාහැරිමේ තිප්පොලක් වැටලු පොලිස් විශේෂ කාර්ය බලකාය රුපියල් කෝටි දහයකට වඩා වටිනාකමකින් යුත් කුඩු කිලෝ දහයකට වැඩි ප්‍රමාණයක් අද උදාසන අත්අඩංගුවට ගෙන තිඛේ.

වැටලීම කරන මොහොතවනවිටත් තවත් කුඩු තොගයක් ඛෙදාහැර තිබි ඇතැයි අනාවරණ වී ඇත.

බටුවත්ත චාමර හා දෙමටගොඩ චමින්ද යන පාතාල ප්‍රභලයන්ගේ ප්‍රධාන ගෝලයෙකු වු දැනට ඩුබායි සිටින ජුඩ් ප්‍රියත්න නැමැති මීනිමැරුම් ගනනාවකට සම්බන්ධ කුඩු ජාවාරම්කරුවෙකු විසින් මෙම ඛෙදාහැරිම සැලසුම් කර ඇත.

ගෝනාකෝවිලේ අංජු හා ජුඩ් ප්‍රියන්ත ඩුබායිහි සිට මෙම කුඩු ඛෙදාහැරිම මෙහෙයවන බව හෙලිවී තිඛේ.

කැලනිය වනවාසල අංක 59/12 බී දරන ලිපිනයේ නිවසක් තුලදී මාකන්ඩු සුරේෂ් කුමාර නැමති කුඩු ඛෙදාහරින ගෝලයෙකු සමග අද උදාසන කුඩු කිලෝ දහයකුත් ග්‍රෑම් 200 අත්අඩංගුවට ගෙන තිඛේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුලු කණ්ඩායමක් මෙම වැටලීම කර ඇති අතර මෙහිදී ඩොල්ෆින් ලාංඡනය සහිත 2019 දෙසැම්බරයේ ඇෆ්ගනිස්තානයේ නිපදවු කුඩු තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිඛේ පොලිස් විශේෂ කාර්යබලකා අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ නියෝග මත ඉදිරි පරීක්ෂණ පැවැත්වේ.

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා