වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්
ආහාර ද්‍රව්‍ය නවයක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 6 ක කාලයක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරමින් මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගිය 2 වැනිදා සිට එම ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
බී ලූනු, කඩල, පරිප්පු, රටඉඳි, දොඩම්, ඇපල්, බඩඉරිඟු, සීනි, තෙල් සඳහා මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇත.
උදයජීව ඒකනායක
