News

ශ්‍රීලනිපය කළ බරපතළ වරද එජාපය සමග ආණ්ඩු කිරීමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ කළ බරපතළම වරද එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩු කිරීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.

යළිත් එම වරද නොකරන බවට සපථ කරන බවද ඇමැතිවරයා කීවේය.

කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කිරීමට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කලකිරීමට පත්ව සිටින්නන්ට එක්සත් ජාතික පක්ෂය සමග එක්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයට ඇති එකම ගැලවිජ්ජාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් පක්ෂයෙන් ඉවත් කර සිටින කිහිපදෙනෙක් හැරෙන්නට වෙනත් කිසිවකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නොවනු ඇති බවත් කියා සිටියේය.

 

නිලන්ත මදුරාවල