News

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි

ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙලෙස මුදලක් ණය වූ ආකාරයවියදම් කළ ක්ෂේත්‍ර පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට පක්ෂය තීරණය කර ඇත. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ධුර අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස පැවසුවේ තමන් මැතිවරණය හේතුවෙන් රුපියල් ලක්ෂ 900ක් ණය වී ඇති බවයි.

ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි නායකයන් මුදල් වියදම් කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගත්හ