News

සජිත් පිල දුරකතනයෙන් – මැතිවරණ කොමිසමටත් දැනුම් දෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයේදී දුරකතනය ලකුණ යටතේ තරග කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිඛේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මැතිවරණ දිස්ත්‍රිත් 22 ක සඳහා දුරකතනය යටතේ තරග කිරිමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව සඳහන්.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ද අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේදී විවෘත කෙරුණා.

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා තරග කරන බව එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මීට පෙර මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ වන විට වෙන් වෙන්ව නාම යෝජනා භාර දීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.