News

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි.

ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙසත් විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ පොදු දේපොළවලට අලාභහානි සිදු කිරීම සම්පුර්ණයෙන් තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙයි.