News

සැකකරුවන් අල්ලන්න පොලිසිය මෙතරම් බය ඇයි ?

ලංකාවේ ​පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බය ඇයි දැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විවෘත අධිකරණයේදී ඊයේ (11 වැනිදා) රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.

වරෙන්තුවක් නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි අවස්ථාවලදීත් පොලිසිය අධිකරණයට පැමිණ වරෙන්තු ඉල්ලනවා.

සංඥය වැරදිවලදී වරෙන්තුවක් නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගන්න පුළුවන්.

ඊට කිසිදු බාධාවක් නැහැ. නමුත් පොලිසිය එලෙස කටයුතු කරන්නේ නැහැ. පසුගිය කාලය පුරාම සංඥය වැරදිවලට අධිකරණයට ඇවිත් වරෙන්තු ඉල්ලනවා.

ඒ ඇයි දැයි මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියෙන් දීර්ඝ වශයෙන් විමසා සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහි නඩුවක් ඊයේ (11 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එලසෙ ප්‍රකාශ කළේය.

 

ඉෂාර රත්නකාර