News

සැකපිට පොළොන්නරුවෙන් රෝගීන් දෙන්නෙක් අයි.ඩී.එච් රෝහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12)පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුළත් කෙරුණු එක් පුද්ගලයෙක් ඊයේ(11) ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා පසුගිය 6වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වේ.

ඊයේ(11) මෙරටට පැමිණි පුද්ගලයා කන්දකඩු නිරොධායන මධ්‍යස්ථානය වෙන යොමු කල අයෙකි

අනෙක් පුද්ගලයා සෝමාවතියේ සංචාරයේ නිරත වෙමින් සිට පසුව උණ රෝගී තත්වයක් හේතුවෙන් පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති බව වාර්ථා වෙයි.

මෙම රෝගීන් දෙදෙනා මේ වන විට අයි.ඩී.එච් රෝහලට මාරු කිරීමට කටයුතු යොදා ඇත.